%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Wednesday, 12 June 2019 - 12:36
බංග්ලාදේශ පුහුණුකරුගෙන් අයි.සී.සී.යට චෝදනා
3

Shares
387

Views
සදට මිනිසුන් යැවීමට හැකි යුගයක අයි.සී.සී.යට ක්‍රිකට් තරගයක් සදහා අමතර දිනයක් වෙන් කිරීමට නොහැකි කුමන හේතුවක් නිසා දැයි බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් ප්‍රශ්න කර තිබෙනවා.

ඊයේ ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව නිසා, අතහැර දැමීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ ලෝක කුසලානය යනු විශාල තරගාවලියක් බැවින් එලෙස අමතර දිනයක් වෙන් කිරීමට අයි.සී.සී.යට හැකියාවක් ඇත්ද යන්න ගැටලූ සහගත බවයි.

එලෙස අමතර දිනයක් වෙන් කිරීමට පියවර ගන්නේ නම් එය යහපත් බව ද දිමුත් කරුණාරත්න සදහන් කළා.

වැඩිම තරග සංඛ්‍යාවක් අතහැර දැමීමට සිදුවූ ලෝක කුසලාන තරගාවලියද මෙය වනවා.

මීට පෙර 1992 සහ 2003 ලෝක කුසලාන තරගාවලි වලදී තරග දෙක බැගින් අතහැර දැමීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ ඉදිරි තරඟ ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම තම කණ්ඩායමේ  අපේක්ෂාව බවයි.

මේ අතර, ලෝක කුසලාන තරගාවලියේ තවත් තරඟයක් අද එංගලන්තයේ ටවුන්ටන් හිදී පැවැත්වෙන්නේ  ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE