ශ්‍රී ලංකාවට ලකුණු 334ක ඉලක්කයක්

Saturday, 15 June 2019 - 18:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+334%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය මේ වන විට ලන්ඩන් ඕවල් හිදී පැවැත්වෙනවා.

තරඟයේ පළමුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අවසරයෙන් පිටියට පැමිණි ඕස්ට්‍රේලියා පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් වුණා.

ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක ස්ථාවර සබඳතාවක් ගොඩනැගුවා.

ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවජා ධනංජයගේ දඟ පන්දු හමුවේ දැවී යැවීමෙන් අනතුරුව ස්ට්වී ස්මිත් සහ ආරොන් ෆින්ච් එක්ව තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක සබඳතාවකින් ඔස්ට්‍රේලියාව ලකුණු පුවරුව සවිමත් කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරොන් ෆින්ච් ලකුණු 153ක් ලබා ගත් අතර ස්ටීව් ස්මිත් ලකුණු 73 රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු 2ක බැඟින් බිඳ හෙලීමට සමත් වුණා.

මේ අතර, තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් කොටි ධජය රැගෙන විරෝධතාවයක නිරත වූ අතර, එම ස්ථානයට පැමිණි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පපරේ සංගීතය වාදනය කර ඊට ප්‍රතිචාර දක්වනු ලැබුවා.