ශ්‍රී ලංකා පිලට අයි.සී.සී. සම්බාධක පැනවෙන ලකුණු

Sunday, 16 June 2019 - 13:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ පැවති ලෝක කුසලාන තරගයෙන් පරාජය ලැබීමෙන් පසු පැවති නිල මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ කළමනාකරුවෙකු සහභාගිවී නොමැති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඒ සඳහා කිසිවෙකු සහභාගී නොකර සිටීමට ගනු ලැබූ තීරණය ක්‍රීඩා මාධ්‍ය අතර අද කථා බහට ලක්වුණා.

සෑම ලෝක කුසලාන තරගයක් අවසානයේදීම පැවැත්වෙන පොදු මාධ්‍ය හමු සඳහා කණ්ඩායම් දෙකේම නියෝජනයක් පැවතීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ රීතියක්.

ඒ සඳහා කිසිවෙකු සහභාගි නොකරවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල කිසියම් සම්බාධකයකට ලක්විය හැකි බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයට පෙර ලන්ඩන්  ඕවල් පිටියේ තණතිල්ල  ඕස්ට්‍රේලියාවට වාසිදායක අන්දමින් සකසා ඇති බවට ශ්‍රී ලංකාව චෝදනා කළා.

එමෙන්ම ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නිල වශයෙන් පැමිණිල්ලක්ද කළා.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේ සියලූ කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදී ඇති බවයි.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම අවධානය යොමුවන තරගයක් මැන්චෙස්ටර් හි  ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.

සාම්ප්‍රදායික පසමිතුරන් වූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගය සඳහා සියලූ ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් වූයේ බොහෝ කළකට පෙරයි.

කෙසේ නමුත් එංගලන්තයේ දැන් පවතින වැසි සහිත කාලගුණය මෙම තරගයටද බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බව සඳහන්.

ඊයේ දිනයේදීද මැන්චෙස්ටර් ප්‍රදේශයට වැසි ඇදහැලූනු අතර තවමත් ක්‍රීඩාංගණයේ පිටත ප්‍රදේශ තෙත්බරිත බව වාර්තාකරුවන් සඳහන් කළා.

මේ නිසා තරග ආරම්භයද පමාවිය හැකි බව ඔහුගේ අදහසයි.