%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%9F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Monday, 17 June 2019 - 20:23
මාධ්‍ය හමුව මඟහැරියත්, ශ්‍රී ලංකා පිළට අයි.සී.සී. සම්බාධක නැහැ
50

Shares
6,055

Views
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟයෙන් පසු ලන්ඩන් - ඕවල් ක්‍රීඩාංගාරයේ පැවති නිල මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙකු හෝ ක්‍රීඩකයෙකු සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පැහැදිලි කිරීමක් කළා.

එහිදී ඔවුන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සමඟ සාකච්ඡා කළ අතර, ඉදිරියේදී එවැනි සිද්ධියක් නොවන බවට සහතික වූ බවයි.

එමෙන්ම, අයි.සී.සී ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ඊට සහභාගි වන කණ්ඩායම් පිළිපැදිය යුතු වගකීම්වලට අනුකූළව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වයට ද දැනුම්දීමක් කර තිබෙනවා.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කළේ ඕස්ට්‍රේලියානු තරඟයේ මාධ්‍ය හමුවට එක්නොවීම හේතුකොට ගෙන ශ්‍රී ලංකා පිලට සම්බාධක පැනවීමට අයි.සී.සී. ආයතනය කටයුතු නොකරනු ඇති බවයි.

මේ අතර, ටෝටන් හිදී අද පැවැත්වෙන ලෝක කුසලාන තරඟයේදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට ඇරයුම් කළා. ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 321 ක් ලබා ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE