%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 18 June 2019 - 22:48
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟයෙන් එංගලන්තයට සුපිරි ජයක්
7

Shares
935

Views
ලෝක කුසලාන තරඟාවලියේ තවත් විශිෂ්ඨ ජයක් තමන් සතුකරගැනීමට එංගලන්තය අද සමත් වුනා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 150කින් පරාජය කරමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 397 ක් රැස්කළා.

එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ ඔයින් මෝර්ගන්ගේ පිත්තෙන් මැවුණු දැවැන්ත හයේ වැස්ස සමඟ රැස්කළ ලකුණු 148 වෙතයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයේ පිතිකරුවන් ආරම්භයේ පටන්ම තම යටතට ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූවා.

පන්දු යැවීමේදී රෂීඩ් කඩුලු 3 ක් දවාගත්තා.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 247ක් පමණයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE