%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 20 June 2019 - 7:17
දකුණු අප්‍රිකාවට නවසීලන්තය හමුවේත් පරාජයක්
1

Shares
130

Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් දකුණු අප්‍රිකාව කඩුලූ 4 කින් පරාජයට පත් කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.  

වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර 49 කට සීමා කළ අතර, ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කඩුලූ 6 ක් දැවී ලකුණු 241 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 3 ක් තුළදි කඩුලූ 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

දකුණු අප්‍රිකාව සහභාගිවූ තරග හයෙන් 4 ක්ම පරාජයට පත්වී ඇති අතර, එක් තරගයක් ජයග්‍රහණය කරනු ලැබුවා.

අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර, ඔවුන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානයේ පසුවනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වෙනවා.

 

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE