%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%9D%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 25 June 2019 - 19:28
ස්මිත්ට සහ වෝනර්ට එරෙහිව එංගලන්තයෙන් මාධ්‍ය මෙහෙයුමක්
17

Shares
2,112

Views
ලෝක කුසලාන තරගාවලියේ 32 වන තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මේ වනවිට ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් ලබාගත්තා.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා පිවිසීමට එංගලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහි මෙම තරගය ජයගැනීම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම්වලටද ඉදිරි තරග ජයගතහොත් අවසන් පූර්ව තරග සඳහා පැමිණීමට හැකියාව පවතින හෙයින්.

මේ අතර එංගලන්ත මාධ්‍ය අද දිනයේදී එරට ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් වාර්තාද පළ කර තිබුණා.

ඇතැම් මාධ්‍ය වාර්තාවල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් මීට පෙර පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරමින් ඊට අද දිනයේ එංගලන්ත ප්‍රේක්ෂකයින්ගෙන් විරෝධයක් එල්ලවනු ඇති බව සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE