%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 26 June 2019 - 7:09
ක්‍රිකට් ලොව පන්දු යවන්නන්ගේ භීතිකාව හිටපු සුපිරි පිතිකරු ලාරා රෝහල්ගත කරයි
35

Shares
4,205

Views
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරා හදිසියේ රෝහල්ගතකර තිබෙනවා.

ඒ ඔහුගේ හෘදය වස්තුවේ ඇතිවූ සුළු රෝගී තත්වයක් හේතුවෙන්.

ඉන්දියාවේ මුම්බායි හි කායවර්ධන මධ්‍යස්ථානයකදී ඔහු මෙලෙස රෝගාතුර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ ලාරා ගේ තත්වය බරපතළ නොවන බවයි.

ඉක්මණින් නැවතත් ඔහු රෝහලෙන් සුවය ලබා පිටවනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වෙත වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

ඒ අනුව ඔහු වෛද්‍ය උපදෙස් මත මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දිගු කාලයක් තිස්සේ ලාරා ඉන්දියාවේ රැඳී සිටිනවා.

මීට පෙර ඔහු IPL තරඟාවලියේ විශේෂ මාධ්‍ය ආවරණ සඳහා එක්වූ අතර මේ වනවිට ඔහු ලෝක කුසලාන තරඟාවලියේ මාධ්‍ය ආවරණ සමඟ එක්ව සිටිනවා.

රෝගාතුර වූ ලාරා කඩිනමින් රෝහල්ගත කෙරුනේ මෙලෙසින්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE