%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 26 June 2019 - 7:32
සත්කාරයන්ට තවත් අමිහිරි පරාජයක් උරුම කරමින් කැන්ගරුවන් අවසන් පුර්ව වටයේ සුදුසුකම් ලබයි - තරඟයේ විශේෂ අවස්ථා මෙන්න
7

Shares
853

Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවැති තරඟයෙන් තියුණු සටනකින් පසු සත්කාර එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 64කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

ලන්ඩන් ලෝර්ඩ්ස් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ආරාධනා කළා.

එංගලන්ත කණ්ඩායමේ තීරණයට හොඳ පිළිතුරක් ලබා දීමේ අරමුණින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක ශතක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 53කට දැවියාමෙන් අනතුරුව එම සබඳතාව බිඳ වැටුණා.

ඉන්පසු එක් අන්තයක සිට කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු නායක ඩේවිඩ් වෝනර් පන්දු 115කදී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර හයේ පහර දෙකක් සහ හතරේ පහර 11ක් ඊට ඇතුළත් වුණා.

පන්දුවාර 50 අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබා ගැනීමට සමත් වුණා.

එංගලන්ත වෙනුවෙන් ජෝෆර් ආචාර් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

ලකුණු 286 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 26 කදී බිඳ වැටුණා.

කඩුලු තුනක් බිඳවැටීමෙන් අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ අංක පහ පිතිකරු වන බෙන් ස්ටොක් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළා.

පන්දු 115කදී හයේ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 8ක් සමඟ ලකුණු 89ක් ලබා සිටි බෙන් ස්ටොක් මිචෙල් ස්ටාර්ක්ගේ යෝකර් පන්දුවක් හමුවේ දැවී ගියා.

පන්දුවාර 44යි පන්දු 4කදී සියලු දෙනා දැවී එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකිවුයේ ලකුණු 221ක් පමණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජේසන් බ්‍රෙන්ඩෝෆ් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියාව මෙම තරඟය ජයගැනීම අනතුරව ලෝක කුසලානය එක්දින තරඟාවලියේ අවසන් පුර්ව වටයේ තම ස්ථානය වෙන් කර ගැනීමටද සමත් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE