%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 26 June 2019 - 13:01
පසු නොබසින බව එංගලන්ත නායකයා කියයි
10

Shares
1,271

Views
ඔස්ට්‍රේලියාව සමඟ ඊයේ පැවති තරඟය පරාජයට පත්වුව ද, තම කණ්ඩායම කිසිවිටෙකත් පසුබට නොවන බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉයන් මෝගන් ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් එංගලන්තය, ඉන්දියාව සහ නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟ දෙකම ජය ගත යුතුයි.

ඊට තම කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉදිරියේ පැවැත්වෙන තරඟ තුනම ජය ගත යුතු වනවා.

තරඟ දෙකක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් එංගලන්තය තරඟ දෙකක් පරාජයට පත් විය යුතුයි.

එසේ නොමැතිනම් බංග්ලාදේශ කණ්ඩායම ඉදිරි තරඟ සියල්ලම පරාජය විය යුතු අතර, පාකිස්ථානය එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කළ යුතු වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE