%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA
Thursday, 27 June 2019 - 16:29
පාපන්දු පිටිය උඩුයටිකුරු කරමින් හිටපු නායකයා යාර 60ක් දුර සිට සියල්ලන් අන්ද මන්ද කරමින් ලබාගත් ගෝලය
27

Shares
3,309

Views
පාපන්දු පිටිය උඩුයටිකුරු කළ සුපිරි ගෝලයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ ගෝලය වාර්තා වන්නේ Major League Soccer නමැති ඇමෙරිකානු පාපන්දු තරඟාවලියක් අතරතුරයි.

එහිදී Orlando City කණ්ඩායමට එරෙහි තරඟයේදී DC United කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක වේන් රූනි විසින් මෙම ගෝලය රැස්කරගනු ලබනවා.

එම තරඟයේ වාර්තා වූ එකම ගෝලය වූ එය දැලට යාර 60 ක පමණ දුරකින් සිට එල්ලකිරීමයි එහි ඇති විශේෂත්වය වන්නේ.

තරඟයේ 10 වෙනි මිනිත්තුවේදී වාර්තා වූ මෙම ගෝලය එල්ලවන අවස්ථාවේ Orlando City දැල් රකින්නා මදක් ඉදිරියට පැමිණ සිටි අතර ඔහු ගෝලය වැළක්වීමට ගත් උත්සාහයද බොහෝදෙනෙකු ඇගයීමට ලක්කර තිබුණා.

පාපන්දු ක්‍රීඩාංගණය සැණකෙළියක් කළ එම ප්‍රහාරය එල්ලකළ වේන් රූනි එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයා වීමත් විශේෂත්වයක්.

එම සුපිරි ප්‍රහාරය පහතින්.


rn
rnrnrn

  
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE