ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

Wednesday, 03 July 2019 - 8:03

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.

ඒ, බර්මිංහැම්හිදී බංග්ලාදේශය සමඟ පැවති තරඟය ලකුණු 28කින් ජය ගනිමින්. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 314ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 48ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286ක් පමණයි.

ලෝක කුසලාන තරගාවලියේ 41ක් වන තරඟය අද ඩරම් හිදී පැවැත්වෙන්නේ  නවසීලන්තය සහ එංගලන්තය අතරයි.