ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රාහී සටහනකින් අවසන් කරන්න, දිමුත් සූදානමින්

Saturday, 06 July 2019 - 13:03

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රාහී සටහනකින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඉන්දියාව සමඟ අද පැවැත්වෙන තරඟයට පෙර ලීඞ්ස් හිදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් කණ්ඩායමේ සාමාජිකයන් මීට පෙර ඉන්දියාවට එරෙහිව දස්කම් ප්‍රදර්ශනය කර ඇති බවයි.

මේ අතර ඊයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් අනතුරුව පාකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් මලික් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගත්තා.

පාකිස්ථානය ජයගත් එම තරගයට එක් නොවූවද ඔහුට උපහාර දැක්වීමට පාකිස්ථාන පිලේ සියලු ක්‍රීඩකයන් එක්වුණා.

පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 287 කට සහභාගිවී ඇති ෂොයිබ් මලික් ශතක 9 ක් සහ අර්ධ ශතක 44 ක් සමඟ ලකුණු 7534 ක් රැස් කරගෙන තිබෙනවා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී පවුලේ කටයුතුවලට ප්‍රමුඛත්වයක් දෙන අතර, විස්සයි විස්ස තරග සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි.

පාකිස්ථාන පිලේ නායකත්වයද ඉසිලු ෂොයිබ් මලික් විවාහ වී සිටින්නේ ඉන්දියාවෙන් බිහිවූ ජාත්‍යන්තර ටෙනිස් ශූරියක වන සානියා මිර්සා සමඟයි.