%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
Sunday, 07 July 2019 - 8:49
ලෝකෙම බලා සිටින මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ දෙක පැවැත්වෙන්නේ මෙහෙමයි
16

Shares
1,923

Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග ඊයේ නිමාවට පත්වූවා.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහභාගිවූ අවසන් තරගයෙන් ඉන්දියාව වෙතින් කඩුලු 7 ක පරාජයක් ලැබුවා.

මෙම ජයග්‍රහණය සමඟ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට පැමිණෙන අතර, ඔවුන්ට අවසන් පූර්ව වටයේදී මුහුණදීමට සිදුවන්නේ නවසීලන්තයටයි.

එම තරඟය මැන්චෙස්ටර් හි Old Trafford ක්‍රීඩාංගණයේදී එළඹෙන 09 වනදා පැවැත්වීමට නියමිතයි.

එම ක්‍රීඩාංගණයේ වාර්තා අතරට එක්වන ප්‍රබල ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු රැස්කර ඇති කණ්ඩායම් අතර දෙවන තැන හිමිකරගෙන තිබෙනවා.

ඒ පසුගියදා පාකිස්ථානයට එරෙහිව පැවති තරඟයේදී ඔවුන් රැස්කළ ලකුණු 336යි.

නවසීලන්තය මෙම ක්‍රීඩාංගණයේ රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කරගෙන ඇති ලකුණු 291යි.

ඊයේ පැවති අනෙක් තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල පරදවා ලකුණු 10 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ලබන 11වනදා අවසන් පූර්ව වටයේ දෙවන තරඟය Edgbaston හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රීඩාංගණයේ වාර්තපොත් අතර අණසක පතුරවා ඇති එංගලන්තය නවසීලන්තයට එරෙහිව ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු ප්‍රමාණය වන 408 ක් රැස්කරගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE