%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 07 July 2019 - 12:56
ලෝක කුසලාන තරගාවලිය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කථා කරයි
2

Shares
278

Views
මෙවර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අපේක්ෂා කළ මට්ටමට වඩා ප්‍රතිඵලයක් ලබාදීමට කණ්ඩායම සමත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඉන්දියාව සමඟ ඊයේ පැවති ලෝක කුසලාන තරගයේ නිමාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.   

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සටහනද ඊයේ ඉන්දියාව ලැබූ ජයග්‍රහණයත් සමඟ තීරණය කෙරුණා.

ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම නිසා ඔවුන් පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට මුහුණදෙනු ඇති.

එම තරගය අනිද්දා මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවන තරගය එංගලන්තය සහ  ඕස්ට්‍රේලියාව අතර ජූලි 11 වනදා බර්මින්හැම් හිදී පැවැත්වෙනු ඇති.

මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය ජූලි 14 වනදා පැවැත්වෙන්නේ ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE