%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A
Sunday, 07 July 2019 - 19:16
ලෝක කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
2

Shares
328

Views
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට යොමු වීම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලවලින් ද මනාව තහවුරු වී තිබෙනවා.

ඒ, 2017 වසරේ අග භාගයේදී චන්දික හතුරුසිංහ මසකට රුපියල් අසු ලක්ෂයකට ආසන්න වැටුපකට ප්‍රධාන පුහුණුකරු ලෙස යොදවා ගනිමින් ඔහුට කණ්ඩායම තේරීමේ අවසන් බලයත් ලබාදී තිබියදීයි.

එතැන් පටන් ශ්‍රී ලංකා එක්දින පිළේ නායකත්වය චන්දිමාල්, මැතිව්ස්, තිසර සහ මාලිංග අතර හුවමාරු වෙමින් අවසානයේ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම මෙහෙය වීමේ වාසනාව හිමි වූයේ වසර 4කින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පා නොතැබූ දිමුත් කරුණාරත්නටයි.

අනෙක් රටවල් වසර ගණනාවකට පෙර සිය සැලසුම් සකස් කරද්දී, අවසන් මොහොත තෙක් සංචිතය නම් කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයන් කණ්ඩායමට උඩින් පහත් කිරීම ද ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිළ අසමත් වීමට හේතු වූ බව නොරහසක්.

කෙසේ නමුත්, එහිදී ලසිත් මාලිංග සිය අවසන් ලෝක කුසලාන තරගාවලියට සමු දුන්නේ ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ තෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE