නවසීලන්ත පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ

Monday, 08 July 2019 - 7:57

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
නවසීලන්ත ක්‍රිකට් පිළ ලබන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.

අගෝස්තු 3 වන දා දිවයිනට පැමිණෙන නවසීලන්ත පිළ සැප්තැම්බර් 7 වන දා දක්වා දිවයිනේ රැදී සිටින අතර, ටෙස්ට් තරඟ දෙකකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3කට සහභාගිවීමට නියමිතයි.

එම ටෙස්ට් තරඟ 2 ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් හඳුන්වා දෙන අයි.සී.සී. ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙනු ඇති.

2012 වසරෙන් පසු නවසීලන්ත පිළ ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වී නැහැ.

මේ අතර, එංගලන්තයේ පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේදී ලසිත් මාලිංගට ජයග්‍රාහී සමු ගැනීමක් ලබාදීමට කණ්ඩායම අපේක්ෂා කරන බවයි.

ඊට පෙර බංග්ලාදේශ පිළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර එහිදී මාලිංගට උපහාරයක් වන ලෙස ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.