%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
Monday, 08 July 2019 - 13:32
කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු පුහුණුකරු ලෙස කටයුතු කරනවා - චන්දික හතුරුසිංහ
9

Shares
1,139

Views
තමා කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු තනතුරේ කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) යළි දිවයිනට පැමිණි අතර, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ තවදුරටත් කණ්ඩායමේ පුහුණුකාර ධුරය දරන්නේද යන්න පිළිබඳවයි.

එයට ප්‍රතිචාර දක්වමින් චන්දික හතුරුසිංහ කියා සිටියේ තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමට තවත් වසරකට අධික කාලයක් පවතින බැවින් එය අවසන්වනතුරු තමන් තනතුරේ රැදී සිටින බවයි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්නද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE