%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94
Monday, 08 July 2019 - 19:48
ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිළ දිවයිනට - කොන්ත්‍රාත්තුව නිම වන තුරු, හතුරු පුහුණුකරු
1

Shares
190

Views
20 වසරකින් අසාර්ථකම ලෝක කුසලාන තරඟ සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අද යළි දිවයිනට පැමිණියා.

එක්දින ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ශ්‍රී ලංකාව මීට පෙර ඉවත් වූයේ 1999 වසරේදියි. දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි කණ්ඩායම එහි පැවති මාධ්‍ය හමුවකට ද එක්වුණා.

තේරීම් කමිටු සභාපතිවරයාට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී ඉතා හොදින් සිය වගකීම ඉටුකර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ දෙස බැලීමේදී පිතිකරණ ලැයිස්තුවේ අංක එකේ සිට හය දක්වා ස්ථාන ස්ථාවර වුයේ කෙසේද යන්න ගැටලුවක්.

සමහර ක්‍රීඩකයින් එක් තරඟයක් දෙකක් පමණක් සාර්ථක වූ පමණින් ශ්‍රී ලංකා මැදපෙල සවිමත් යැයි පැවසීමට තරම් තේරීම් කමිටු සභාපතිවරයා අඳ බාල වූයේ ඇයිද යන්න පුදුමයට කරුණක්.

කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට හොඳම ආයෝජනයක් බව සැවොම දන්නා කරුණක්.

එහෙත් ඔහු දිගින් දිගටම අසාර්ථක වෙද්දි තවමත් ඔහුට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට හැකිවීමේ න්‍යාය තරඟයක් දෙකක් අසාර්ථක වූ පමණින් කණ්ඩායමෙන් ඉවතට දමන සෙසු ක්‍රීඩකයින්ට වලංගු නොවන්නේද යන්න විමසිය යුතු කරුණක්.

එය එසේ වුවා නම් ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක වැනි කි්‍රීඩකයින් මේ වන විටත් එක්දින ක්‍රිකට් පිටියේ පැහැබර අනාගතයට හිමිකම් කියනු ඇති.

ලෝක කුසලානය සඳහාම ආනයනය කළ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ භුමිකාවද මේ වන විට බරපතල ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.

මසකට ලක්ෂ 80කට ආසන්න වැටුපක් ලබන ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කි්‍රීඩාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල තවදුරටත් පහලට ඇද වැටුණා.

අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේ කොන්ත්‍රාත්තුව නිම වන තුරු තමා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE