%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 09 July 2019 - 12:50
බංග්ලාදේශ සංචාරය ස්ථීරයි
1

Shares
159

Views
බංග්ලාදේශ ක්‍රිකට් පිළ සිය ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඇගයීමට ලක් කොට සංචාරය ක්‍රියාත්මක කරන බවයි ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් එක්දින තරඟ 3කින් යුත් සංචාරය මේ මස අග දී ආරම්භ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරඟය ජුලි 26 වන දා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරඟ ජුලි 28 වන දා සහ 31 වන දා පැවැත්වෙනු ඇති.

තරඟ 3ම දිවා රාත්‍රී තරඟ ලෙස කොළඹ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශ තරගාවලියේදී බොහෝ විට ලසිත් මාලිංග පිටියෙන් සමු ගැනීම ද සිදුවිය හැකියි. ඔහු එංගලන්තයේ ලෝක කුසලාන තරගාවලිය අතරතුර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියකදී සිය සමු ගැනීම සිදුවන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE