%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 09 July 2019 - 13:21
නුවන් කුලසේකර තමන් කවුරුන් දැයි කියා, ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල්ට මතක්කර දෙයි
70

Shares
8,407

Views
20 වසරකින් අසාර්ථකම ලෝක කුසලාන තරඟ සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ඊයේ (08) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි කණ්ඩායම එහි පැවති මාධ්‍ය හමුවකට ද එක්වුණා.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කණ්ඩායමේ කළමනකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතුකරන අසන්තා ද මෙල් එක්ව සිටියා.

මෙම මධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර සම්බන්ධයෙන් තේරීම් කමිටු ප්‍රධානියාගෙන් විමසනු ලැබුවා.

ඔහු ප්‍රශ්න කළේ නුවන් කුලසේකරට ලසිත් මාලිංග සමග එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීම සදහා තරඟයක් ලබා දෙන ලෙස ලසිත් මාලිංග කල ඉල්ලීම පිළිබඳවයි.

නමුත් එම ප්‍රශ්නය නිසි ලෙස වටහා නොගත් තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටියේ නුවන් කුලසේකර තවත් ක්‍රීඩාකරනවද? යන්නයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටිනේ කුලසේකර සංචිතයක හෝ සිටින අයුරු තමන් නොදුටු බවයි.

කෙසේ වෙතත් තේරීම් කමිටු ප්‍රධානියාගේ මෙම ප්‍රකාශයෙන් පසු කුලසේකර සිය නිල ෆේස් බුක් ගිණුමට පොස්ටුවක් එක් කර තිබුණා.

එහි දැක්වුණේ කුලසේකර විසින් ඕස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාර්ක් දවාගන්නා ඡායාරූපයක්.

එම පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා පවසා තිබුණේ මෙය තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල්ට දැක්වූ ඍජු ප්‍රතිචාරයක් බවයි.

එහි කමෙන්ටුවක් මගින් හිමාෂි කරුණාරත්න පවසා තිබුණේ " දැන් මතක් වෙයි" ලෙසයි.



හංසි රසාංජලී කුලසේකරගේ පොස්ටුව මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.
"කුලේ අයියා කාට අමතක උනත් අපිට අමතක වෙන්නේ නෑ කවදාවත්. දක්ශතාවලින් වගේම නිහතමානීකමෙන් පරිපූර්ණ ක්‍රීඩකයෙක්. එදත් අදත් හෙටත් මගේ නම් කැමතිම ක්‍රීඩකයා තමයි ඔයා ♥♥"




හර්ෂ අනුරාධ ඊට දක්වා තිබුණේ මෙවන් ප්‍රතිචාරයක්,
"අපි උබත් එක්ක කුලේ.. උබ කරපු සේවයට උබට ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න ඕනේ.. එදා එංගලන්තයේ දී සුනිල් ගවස්කාර් උබට නයිට් වොච්මන් කිව්වා වන්ඩේ මැච් එකේ.. උබ ඒක හොඳට ගහලා දිනවලා දුන්නා.. ඌ ඊට පස්සේ ඒ මැච් එකේ කමෙන්ට්‍රි දෙන්නවත් ආවේ නෑ,
ආදරෙයි උබට"



  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE