%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Wednesday, 10 July 2019 - 7:22
වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අවසන් පූර්ව තරඟය අද යළි ඇරඹේ
1

Shares
176

Views
වර්ෂාව හේතුවෙන් ඊයේ අතහැර දැමුණු ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද යළි ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර් හිදී ඊයේ පැවැත්වුණේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියා.

ඉන් අනතුරුව පිටියට ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කෙරුණු අතර අද යළි තරඟය ආරම්භ වන්නේ නවසීලන්තය ඊයේ අවසන් කළ තැන සිටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE