මාකස් ස්ටොයිනිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවෙන් පසුවේ

Wednesday, 10 July 2019 - 13:27

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9A
එංගලන්තය සමග බර්මින්හැම් හිදී හෙට පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කිරීමට මාකස් ස්ටොයිනිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවෙන් පසුවන බව  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසනවා.

කෙසේ වෙතත්, ආබාධයට ලක් වූ උස්මන් කවාජාට මෙම තරගයට ක්‍රීඩා කිරීමට හැකිවන්නේ නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට පීටර් හැන්ඞ්ස්කෝම්බ් හෙට පැවැත්වෙන තරගය සදහා  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වනු ඇති.

මේ අතර, වර්ෂාව හේතුවෙන් ඊයේ නතර කළ ඉන්දියාව සහ නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය අද යළි පැවැත්වෙනවා.

එහි විශේෂත්වය වන්නේ ඊයේ තරගය අවසන් වූ ස්ථානයේ සිට අද තරගය ආරම්භ වීමයි.