%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 11 July 2019 - 13:03
ඊයේ පරාජය ගැන කෝලි කථා කරයි
36

Shares
4,341

Views
මැන්චෙස්ටර් හි නවසීලන්තය සමඟ ඊයේ පැවති තරගයේදී ලද පරාජය හේතුවෙන් බිලියනයකට අධික ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් කම්පාවට පත් වූ බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසනවා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තම කණ්ඩායම සාර්ථකව ක්‍රීඩා කළ නමුත් විනාඩි 45 ක වැනි කාලයක් තුල තම ක්‍රීඩකයන් අසාර්ථක වීම මෙම පරාජයට හේතු වූ බවයි.

ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව ලකුණු 18 කින් පරාජයට පත් කිරීමට නවසිලන්තය ඊයේ සමත් වුණා.

ඉන්දීය කණ්ඩායමේ පරාජය පිලිගන්නා බවත් ඉදිරියේදි පැවැත්වෙන තරඟාවලි සඳහා සාර්ථකව මුහුණ දීමට බලාපොරොත්තු වන බවත් විරාට් කෝලි පවසා තිබෙනවා.

මේ අතර  ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර දෙවන අවසන් පූර්ව තරගය අද බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE