%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
Thursday, 11 July 2019 - 21:48
ඔස්ට්‍රේලියාව පැරදු සත්කාරක එංගලන්තය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
2

Shares
294

Views
එළඹෙන සති අන්තයේදී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් වංශ කතාවට නව ශූරයෙක් බිහිවන බව අද තහවුරු වුණා.

ඒ මෙවර ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 8 කින් පරාජය කරන්නට සත්කාරක එංගලන්තය සමත් වීමත් සමගයි.

බර්මිංහැම්හී පැවති දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් එංගලන්ත වේග පන්දු යවන්නන් මේ තීරණය අභියෝගයට ලක් කළේ ලකුණු 14 ක් වෙද්දී වෝනර් සහ ෆින්ච් ඇතුළු ප්‍රතිවාදී කඩුලු 3 ක් දවා ගනිමින්.

ශතක සබඳතාවකට දායකත්වය දුන් ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි සමගින් ඕස්ට්‍රේලියානු ඉනිම යලි ගොඩනැගීමේ උත්සාහයක නිරත වුණා.

කේරි ලකුණු 46 යි.

අගනා පිතිහරඹයක නිරත වූ ස්ටීවන් ස්මිත් රැස්කළ ලකුණු සංඛ්‍යාව 85 ක්.

පන්දුවාර 49 ක් අවසන් වන විට සියලු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ලකුණු 223 කට දැවී ගියා.

පන්දු යැවීමේදී අදීල් රෂීඩ් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 3බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 226 ක් ලබා ගෙන තරගය ජය ගැනීම සඳහා වැයකළේ පන්දුවාර 32 යි එක් පන්දුවක් පමණයි.

ජේසන් රෝයි හතරේ පහර 9 ක් සහ හයේ පහර 5 ක් සමග ලකුණු 85 ක් ලබා ගත්තා.

ජෝ රූට් නොදැවී ලකුණු 49 යි.

එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ 1992 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

මේ අනුව ඔවුන් ලබන ඉරිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී නවසීලන්තයට එරෙහිව තරග වදිනවා.
 
මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිකරගෙන නොමැති වීම හේතුවෙන් මෙවර තරගාවලියේදී අනිවාර්යයෙන්ම නව ලෝක ශූර කණ්ඩායමක් බිහි වනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE