%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Friday, 12 July 2019 - 13:56
ලෝක කුසලාන දැල් පන්දු තරඟාවලිය ඇරඹේ
32

Shares
3,901

Views
ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය එංගලන්තයේ ලීවර්පූල් හිදී අද ආරම්භ වන අතර, ඊට සහභාගිවන ශ්‍රී ලංකා පිළ සිම්බාබ්වේ පිළ සමඟ අද තරඟ වැදීමට නියමිතයි.

මෙවර දැල් පන්දු ලෝක ශූරතා තරගාවලිය සඳහා තෝරා ගැනුණු කණ්ඩායම් 16 කාණ්ඩ 4ක් යටතේ තරඟ වදින අතර, ශ්‍රී ලංකාව අයත් වන්නේ ඕස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ ඇතුළත් කාණ්ඩයටයි.

මූලික වටයේ තරඟ අද සිට ඉරිදා දක්වා පැවැත්වෙන අතර, එහිදී කාණ්ඩ 4රේ පළමු කණ්ඩායම් තුන මීළඟ වටයට සුදුසුකම් ලබනවා.

එම කණ්ඩායම් 6 කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදින අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ එක් එක් කාණ්ඩයක මුල් කාණ්ඩායම් දෙකයි.

ඉතිරි කණ්ඩායම් 5 වන ස්ථානයේ සිට පහළ ස්ථාන සඳහා තරඟ වැදීමට නියමිතයි.

මෙවර තරගාවලියේදී ද දැල් පන්දු ලෝක ශූරතාව එකොළොස් වරක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක ශූරතාව සදහා සුදුසුකම් ලැබුවේ ආසියානු ශූරතාව ජයග්‍රහණය කරමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE