%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 12 July 2019 - 16:10
අවසන් මහා තරඟයේ සිහින බොඳකරගත් ඉන්දීය කණ්ඩායම මව්බිමට යා නොහැකිව එංගලන්තයේ අතරමං වෙයි
29

Shares
3,502

Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 08ක ජයක් ලබන්නට එංගලන්තය ඊයේ සමත් වුණා.

මේ අතර තරඟාවලියේ පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී නවසීලන්තය ඉදිරියි දරුණු පරාජයකට මුහුණ දුන් ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරණු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාසය තබා තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් ලැබූ අනපේක්ෂිත පරාජය හමුවේ ඉන්දියාවට සිදුවුනේ අවසන් මහා තරඟයට පෙර නැවතත් සිය මව්බිම බලායාමට සූදානම් වීමටයි.

එලෙස සුදානම් වූ ඉන්දියානු කණ්ඩායමට මේ වනවිට සිදු ඇත්තේ අවසන් මහා තරඟය පැවැත්වෙනමේ මස 14 වනදා තෙක් එංගලන්තයේ රැඳී සිටීමටයි.

ඒ එංගලන්තයේ සිට මව්රට බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට නොහැකිවීම හේතුවෙන්.

මේ අතර අවසන් මහා තරඟයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වනවිටත් අලෙවි වී අවසන් බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

මෙවර අවසන් මහා තරඟය සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබනු ඇති බවට විශ්වාස කරමින් ප්‍රවේශ පත් මිලදී ගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ඒ අතර සිටින බව සඳහන්.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE