%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 12 July 2019 - 16:56
දෙවන අවසන් පූර්ව තරඟයේදී ජේසන් රෝයිට ලබා දුන් තීරණයත් සමඟ දැඩි ආන්දෝලනයට ලක් වූ කුමාර් ධර්මසේන අවසන් මහා තරඟයේ විනිසුරුවරයෙකු ලෙස පිටියට
47

Shares
5,741

Views
ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මඟ තරඟයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකාවේ මරායිස් ඉරාස්මස් පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම පත්කිරීම සිදු කරන ලද අතර අවසන් මහා තරඟයේ තරඟ තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ පත් කළා.

අවසන් මහා තරඟයේ තුන්වන විනිසුරුවරයා ලෙස ඕස්ට්‍රේලියාවේ රෝඩ් ටකර් පත් කර ඇති අතර හතරවැනි විනිසුරුවරයා ලෙස පත් කර ඇත්තේ පාකිස්ථානයේ අලීම් ඩාර් විනිසුරුවරයායි.

කුමාර් ධර්මසේන, දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වුණා.

ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ලබන ඉරිදා සවස තුනට එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE