%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
Friday, 12 July 2019 - 18:37
පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට නව නායකයෙක්
9

Shares
1,197

Views
පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නව නායකයා ලෙස 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක රෂීඩ් ඛාන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

එම කණ්ඩායමේ උප නායකයා ලෙස පත්කර ඇත්තේ මැදපෙළ පිතිකරු අස්ගර් ඇෆ්ගන්.

ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යන අංශ තුනෙහිම නායකත්වය ඔහුට පැවරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයකර ඇත්තේ.

පා දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරන රෂීඩ් ඛාන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරඟ 02ක් එක්දින තරඟ 68ක් සහ පන්දුවාර 20 තරඟ 38ක් ක්‍රීඩාකර තිබෙනවා .

මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ගුල්බදින් නයිබ් විසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE