%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+4+%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A
Monday, 15 July 2019 - 12:54
ලෝක කුසලානය ජයගත්තේ වසර 4 ක සැළැස්මකින් - බෙන් ස්ටොක්
1

Shares
126

Views
වසර 4 ක සැළැස්මක ප්‍රතිඵලයක් ලෙස මෙවර ලෝක කුසලානය සිය මව් රටට දිනාදීමට හැකිවූ බව එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නවසීලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී සිය ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අවසන් තරගයේ වීරයා වූ මොහු  එංගලන්ත ඉනිම ශක්තිමත් කරමින් ලකුණු 84 ක් ලබා ගත්තා. තරග අවසානයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙවර ලෝක කුසලානයේ අනුශූරයන් බවට පත්වූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ප්‍රකාශ කළේ අවසන් තරගය පරාජයට පත්වීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටුවට පත්වන බවයි.

එමෙන්ම මෙවර තරගාවලියේදී සිය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

එංගලන්තයේ ලෝඞ්ස් පිටියේදී ඊයේ අවසන් වූ 12 වන ලෝක කුසලාන අවසන් මහා තරගය මෙතෙක් පැවති ලෝක කුසලාන අවසන් මහා තරග අතුරින් හොඳම අවසන් තරගය වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.  

මේ වනවිට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණි ගත කිරීම්වල ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, ලෝක ශූරතාව දිනූ එංගලන්ත කණ්ඩායම තවමත් පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE