%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Thursday, 18 July 2019 - 13:18
මහේලත්, ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු නාමාවලියට
27

Shares
3,314

Views
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගේ නම ද යෝජනා වී තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ටොම් මූඩි, ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරු ගැරි කර්ස්ටන්ගේ නම් ද ප්‍රධාන පුහුණුකරු තනතුරට යෝජනා වී ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මේ දිනවල අයදුම්පත් කැදවා ඇති අතර එය ලබන 30 වනදායින් අවසන් විමට නියමිතයි.

ටෙස්ට් වරම් හිමි ජාතික කණ්ඩායමක වසර දෙකක කාලයක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබිම සහ ටෙස්ට් තරග 30ක් එක්දින තරග 50 ක් ක්‍රිඩා කර තිබිම ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ධූරයට අයදුම් කිරිම සදහා සුදුසුකම් ලෙස දක්වා තිබෙනවා.

මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ අවස්ථා දෙකකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි කණ්ඩායමට හැකි වුණා.

මේ වසරේ අවසන් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය දිනා ගනු ලැබුවේද මුම්බායි කණ්ඩායමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE