Thursday, 18 July 2019 - 13:24
ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ඨයින් ජනපති සම්මානයෙන් පිදුම් ලබයි
මෙම වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ජනාධිපති සම්මානය දිනාගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම හිමිකරගත් ඉන්දික දිසානායක සමත්වුණා.
දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ජනාධිපති සම්මානය, පිරිනැමුණේ එම ක්‍රීඩා උළෙලේ බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත් අනූෂා කොඩිතුවක්කුටයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි ඊයේ පස්වරුවේ මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර, එහිදී මෙරට ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ක්‍රීඩා ප්‍රභා, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශාන්තර හා ක්‍රීඩා රත්න යන සම්මාන ද ජනාධිපතිවරයා අතින් පිරිනැමුණා.