%E0%B7%81%E0%B6%9A%E0%B7%93%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Thursday, 18 July 2019 - 19:58
ශකීබ් අල් හසන් සහ ලිටන් දාස් විවේක ගන්වයි
1

Shares
141

Views
ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා නම් කළ 14 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ එක්දින ක්‍රිකට් සංචිතයෙන් ශකීබ් අල් හසන් සහ ලිටන් දාස් විවේක ගන්වා තිබෙනවා.

ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව සිය ප්‍රධාන පුහුණුකරුගේ කොන්ත්‍රාත්තුව අත්හිට වූ බංග්ලාදේශ කණ්ඩායම ලබන සෙනසුරාදා මෙරටට පැමිණෙන්නේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙකුද නොමැතිවයි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට එක්දින තරඟ 03 ක් ඇතුළත් වන අතර, ලබන 26, 28 සහ 31 යන දිනවලදී මෙම තරඟ දිවා රාත්‍රි තරඟ ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE