%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 19 July 2019 - 11:32
ඊයේ ක්‍රිකට් නීති පොතට එකතුවුණු අලුත්ම නීතිය මෙන්න
228

Shares
27,477

Views
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය ඊයේ ලන්ඩන් නුවරදී නිමා වුනා.

එහිදී ක්‍රිකට් කමිටුව විසින් ලබාගත් නීති සංශෝධන කිහිපයකයට අනුමැතිය හිමිවුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනොහාර් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට ටෙස්ට් තත්වය හිමි සියලු රටවල ක්‍රිකට් සභාපතිවරු එක්ව සිටියා.

එහිදී ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීම සඳහා අනුමැති හිමිවූ අතර තරඟයක් අතරතුර දරුණු ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ගෙනා යෝජනාව ක්‍රිකට් ක්‍රීඩාවට නව අත්දැකීමක් වනු ඇති.

මේ අනුව වෛද්‍යවරුන්ගේ කමිටුවෙන් සහ තරඟ තීරකවරයාගේ අනුමැතිය ඇතිව ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට හැකිවන අතර මෙම සංශෝධිත නීතිය පළමුව පළමු පෙළ ක්‍රිකට් තරඟ සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කළා.

ඒ අනුව ආදේශිත නව ක්‍රීඩකයාට පිතිකරණයේ අවස්ථාව මෙන්ම පන්දු යැවීමේ අවස්තාවද හිමිවණු ඇති.

ලබන මස පළමුවනදා සිට පළමුපෙළ තරඟ සඳහා මෙලෙස ක්‍රීඩකයන් ආදේශ කිරීමට හැකිවනු ඇති.

මේ අතර අඩු පන්දුවාර වේගය වසරක් තුළ තරඟ දෙකකදී රඳවාගැනීමේ වරදට නායකයාට පැනවූ තරඟ තහනම තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළා.

ඒ සඳහා පැනවෙන දඩය මින් ඉදිරියට සෑම ක්‍රීඩකයෙකුටම සම සේ බෙදී යනු ඇති.

එළඹෙන ටෙස්ට් ලෝක ශූරතාවලියේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගතහොත් තරඟය අවසානයේ ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු දෙක බැගින් අඩු කිරීමටද ICCයේ අනුමැතිය හිමිවුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE