%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 21 July 2019 - 12:41
බංග්ලාදේශ නායකයාගෙන් කණ්ඩායම් සඟයින්ට ඉල්ලීමක්
29

Shares
3,499

Views
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී තමන්ට ලැබුනු විරල අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන ලෙස බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කළා.

ඔහුද එක්දින කණ්ඩායමේ නායකත්වයට මුල්වරට පත්වූයේ නිත්‍ය නායක මෂ්රෆේ මොර්ටාසා පුහුණුවේදී තුවාල ලැබීම හේතුවෙන්.

බංග්ලාදේශයෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැළකෙන අයි.සී.සී. දර්ශකයේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර, මුල්තැන හිමිකරගත් ශකිබ් අල් හසන් පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා සංචාරයට සහභාගිවන්නේ නැහැ. එම හේතුව මතම ප්‍රහාරක පිතිකරු ලිටන් කුමාර්දාස් ටද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් විවේක ලබාදී තිබෙනවා.

ශකිබ් අල් හසන්ගේ ස්ථානය ටයිජුල් ස්ලාම්ට හිමිවූ අතර, ලිටන් දාස් වෙනුවට අනමුල් හක් නම් කරනු ලැබුවා. එමෙන්ම මෂ්රෆේ සහ සයිෆුඞීන් තුවාල ලැබීම හේතුවෙන් ටස්කින් අහමඞ් සහ ෆර්හාඞ් රීසා බංග්ලාදේශ පිලට එක්වනවා.

නව නායක තමීම් ඉක්බාල්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස විශේෂයෙන් ඉල්ලා ඇත්තේ මෙලෙස අහඹු අන්දමින් කණ්ඩායමට එක්වු ක්‍රීඩකයන්ටයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ලබන සිකුරාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE