%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
Monday, 22 July 2019 - 9:06
ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට
8

Shares
1,014

Views
ලෝක කුසලාන දැල් පන්දු ශූරතාව වසර 16 කට පසුව දිනාගැනීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන්  ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.  

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා 11 කදී ලෝක දැල්පන්දු ශූරතාව දිනාගෙන තිබෙනවා.

නවසීලන්තය අවසන් වරට ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කරනු ලැබුවේ 2003 වසරේදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE