%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 23 July 2019 - 13:10
පාකිස්තානයේ සංචාරයට ආරක්ෂක ඇගයුමක්
2

Shares
327

Views
ටෙස්ට් තරග දෙකක සංචාරයක් සදහා පාකිස්ථානය කළ ඇරයුම පිළිගන්නේ ද යන්න ආරක්ෂක ඇගයුමකින් පසු තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා.

2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයේ ටෙස්ට් සංචාරයකට සහභාගි වී නැහැ.

ඒ සදහා මෙරට ආරක්ෂක නියෝජිත කණ්ඩායමක් පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතයි.

ඒ සදහා පාකිස්ථානයේ වාතාවරණය සුදුසු නොවන්නේ නම් අදාළ ටෙස්ට් තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇති.

අයි.සී.සී. ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මුහුණ දෙන ප්‍රථම ටෙස්ට් තරගාවලිය මෙයයි.

මේ අතර, සංචාරක බංග්ලාදේශ පිළ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පෙරහුරු තරඟය පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේදී මේ වන විට ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE