%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Saturday, 10 August 2019 - 7:51
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවට
1

Shares
157

Views
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එම පියවර පසුගිය වසර කිහිපය තුළම ඉන්දීය පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක රාහුල් ජොහාරි සහ සාමාන්‍යාධිකාරී සබා කරිම් ඉන්දීය ජාතික මත්ද්‍රව්‍ය මර්දන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි නව තීරණයට එළඹී ඇත්තේ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය ද එම පියවර ගැනීම සඳහා ආසන්නතම හේතුවක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE