%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
Saturday, 10 August 2019 - 13:09
බංග්ලාදේශ ඇස යළි හතුරුසිංහ වෙත
19

Shares
2,313

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති චන්දික හතුරුසිංහ යළි තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගැනීම පිළිබදව බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙනවා.

බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ඇරයුම් කර තිබූ අතර, දැන් එය හතුරුසිංහ සහ තවත් එක් පුහුණුකරුවෙකු අතර තරඟයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හතුරුසිංහට අභියෝගයක් විය හැකි අනෙක් පුහුණුකරු වන්නේ නවසීලන්ත පිළේ හිටපු පුහුණුකරු මයික් හෙසන්.

ග්‍රාන්ට් ෆ්ලවර්, පෝල් ෆාබ්‍රේස් පුහුණුකරුවන් සමඟ එකඟතාවකට පැමිණීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට නොහැකි වී තිබෙනවා.

එහෙත් ආකර්ශනීය ඉදිරිපත් කිරීමක් සිදුකළ දකුණු අප්‍රිකාවේ හිටපු පුහුණුකරු රසල් ඩොමින්ගෝට යම් අවස්ථාවක් පවතින බව ක්‍රිකට් මාධ්‍ය සඳහන් කළා.

චන්දික හතුරුසිංහ 2014 සිට 2017 දක්වා බංග්ලාදේශ ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කාලය තුළ බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ වුණා.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු ද හතුරුසිංහ පුහුණුකරු ලෙස නැවත යොදවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව සඳහන්.

හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර අර්බුදයෙන් ඔහු පිළිබද යම් ඍණාත්මක ආකල්පයක් ඇති වුවද බංග්ලාදේශ පාලක මණ්ඩලය ඔහු සමඟ දැනටමත් දුරකථන සම්මුඛ පරීක්ෂණයක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE