%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+16+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
Sunday, 11 August 2019 - 13:32
ඉන්දීය පිලේ පුහුණුකරු තේරීම ලබන 16 වනදා
1

Shares
211

Views
ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු තෝරාගැනීම සඳහා මුම්බායිහිදී ලබන 16 වනදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන කපිල් දේව්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ක්‍රිකට් උපදේශක කමිටුවක් මගින්.

අනුෂ්මාන් ගයික්වාඩ් සහ ශාන්තා රංගසාමි එහි අනෙකුත් සාමාජිකයන්.

දැනට ඉන්දීය ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රි සමඟ, තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ප්‍රවීන  ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ටොම් මූඩි සහ නවසීලන්තයේ හිටපු ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන්, ඉන්දීය ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉදිරියෙන්ම සිටින බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE