%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 12 August 2019 - 12:51
එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
1

Shares
227

Views
අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිතයි.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැදවීමටයි තීරණය කර ඇතතේ.

ඕස්ට්‍රේලියාවට එරෙහිව අනිද්දා ලෝඞ්ස් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් ද එංගලන්ත කණ්ඩායමට කැදවා තිබෙනවා.

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ද පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්තය  ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 251කින් පරාජයට පත්වූණා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE