%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%93%E0%B6%B1+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8A
Monday, 12 August 2019 - 20:48
පාසලෙන් ගිහින් ආසියාව හොල්ලන්න හීන දකිමින් වැලි ගොඩදමන වැල්ලවායේ සිංහ පැටව්
1

Shares
188

Views
මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා වැල්ලවාය ජේ.එම් කුමාරදාස විද්‍යාලයීය ත්‍රෝ බෝල් කණ්ඩායමයි.

ඒ නිසාම මෙම ක්‍රීඩකයින්ට මේ මස අගදී මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදාවී තිබෙනවා.

මීට පෙරත් මෙම විද්‍යාලයේ ක්‍රීඩකයි කිහිපදෙනෙකුට මැලේසියාවේ පැවති ආසියානු තරගාවලිය නියෝජනය කිරීමට අවස්තාව උදා වී තිබූ නිසා මෙවරත් එය කුමාරදාස ක්‍රීඩකයින්ට එය අරුමයක් වුනේ නැහැ.

නමුත් මෙවර කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21ක් දෙනෙක්ම ඒ සදහා සුදුසුකම් ලබා තිබීම තත්ත්වය බරපතල කාරණයක් බවට පත් කළා..

මෙවර තරඟාවලියට එක්වන එක් ක්‍රීඩකයෙකු දැරීමට සිදුවන මුදල රුපියල් ලක්ෂයකට ආසන්නයි.

එදා වේල පිරිමසා ගන්නට නොවිදිනා දුකක් විදින මේ දරුවන්ගේ දෙමා පියන්නට මෙවැනි මුදලක් සොයා ගැනීම සිහිනයක්ම පමණක් වනවා.

ක්‍රීඩාවෙන් ලද පන්නරයම නිසාම පරාජය බාර ගන්නට අකමැති මේ දරුවන් අවසානයේ තීරණය කරන්නේ අසල පිහිටි ගගෙන් වැලි ගොඩ දමා සිය අරමුණ මුදුන් පමුණුවා ගන්නටයි.

ඒ අනුව උදේ පාන්දර සිට රෑ බෝ වනතුරුම මේ අහිංසක දරුවන් ගතේ සවියටත් වඩා වැඩි සිය සිතේ සවියට ජවයක් දෙමින් රටේ අභිමානය වෙනුවෙන් දහදිය වගුරන්නේ මෙලෙසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE