ශ්‍රී ලංකාව කියන්නේ ක්‍රිකට් පාරාදීසයක් - ලෝක ක්‍රිකට් කමිටු රැස්වීමේදී සංගා කියූ කතාව

Tuesday, 13 August 2019 - 14:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
දින දෙකක් පුරා පැවති එම්.සී.සී (මාරිලිබෝන් ක්‍රීඩා සමාජය) ලෝක ක්‍රිකට් කමිටු හමුව ඊයේ නිමා වුනේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

මේ හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අනාගතය පිළිබඳවයි.

මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස පත්වීමට නියමිත හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නක්.

\"ශ්‍රී ලංකාව වගේ රටක ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනට සහයෝගය ලබාදීම මහගු කාර්යක්.පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව යලි හිස ඔසවමින් සිටිනවා.ක්‍රිකට් ක්‍රීඩාවට බලය තියනවා එක්සත් ජාතියක් නිර්මාණය කරන්න, ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට සැණකෙළියක් වනු ඇති.\"

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර

\"ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර සංචාරක නවාතැනක් වගේම ලොව හොදම ක්‍රිකට් පාරාදීසයක්. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ශ්‍රී ලංකාවට ආරථික මෙනම් සමාජීය වශයෙන් මහත් උත්තේජනයක් වනු ඇති. ශ්‍රී ලංකාව මෑත බාගයේදී බංග්ලාදේශයට, නවසීලන්තයට සහ පස්කිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් සදහා ඉහල සත්කාරකත්වයක් ලබාදුන්නා\"

මේ අතර ලෝක ක්‍රිකට් කමිටුවේ මීළඟ රැස්වීම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.