%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Wednesday, 14 August 2019 - 13:08
අකිල ගාල්ලේදී වැඩ අරඹයි
1

Shares
207

Views
ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට අදාලව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි මේ වන විට පැවත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්තය පලමුව පන්දුවට පහරදීමට තීරණය කලා.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පලමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින නවසිලන්තය පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 71ක් ලබා සිටියා.

නවසීලන්තයේ බිඳ වැටුණු කඩුලු 03ම බිඳ හෙලනු ලැබුවේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය විසින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE