%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+249%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 15 August 2019 - 11:07
අකිල-සුරංග නවසීලන්ත පළමු ඉනිම 249න් නතර කරයි
36

Shares
4,329

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්
නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 249ක් ලබා සිටියදී මීට සුළු මොහොතකට පෙර සියලුදෙනා දැවී ගියා.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 15 යි පන්දු 2 ක් යොමුකරමින් කඩුලු 4 ක් දවාගත්තා.

එහිදී ඔහු විසින් යොමුකළ නිලකුණු පන්දුවාර සංඛ්‍යාව 5 ක්.

සුරංගට එරෙහිව නවසීලන්තයට රැස්කිරීමට අවස්ථාව ලැබුනේ ලකුණු 29 ක් පමණක් වීම විශේෂත්වයක්.

දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය වගකීම මැනවින් ඉටුකළ අකිල ධනංජය පන්දුවාර 30 ක් යොමුකරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූවා.

නවසීලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ රෝස් ටේලර් ලකුණු 86 ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුලත්.

තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින්.

rn
rnrn

rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE