%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 15 August 2019 - 12:53
අකිලට කේක් සංග්‍රහයක්
6

Shares
724

Views
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 249 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 80කට කඩුලූ 5 ක් බිඳ හෙලූ අතර,  සුරංග ලක්මාල් ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගත්තා.

නවසීලන්තය කඩුලූ 8 කට ලකුණු 239 ක් ලබා සිටියදී ටි‍්‍රන්ට් බෝල්ට් දවාගැනීමේ අවස්ථාවක් මගහැරී ගියේ ලසිත් ඇඹුල්දෙණිය යැවූ පන්දුවක්, ඔහුගේ පිත්තේ වැදී හිස් ආවරණයේ ඉදිරිපස කොටසේ රැඳීම හේතුවෙන්.

මේ අතර මෙම තරගයේ නවසීලන්ත ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විශේෂ සංග්‍රහයක් ඊයේ පිරිනමා තිබුණා.  

ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේදී ඔහු වෙනුවෙන් සකස් කර තිබූ කේක් ගෙඩියක් කැපීමද එහිදී සිදු කෙරුණේ සියලූ ක්‍රීඩකයින්ගේ සහ හෝටල් කාර්ය මණ්ඩලයේද සහභාගීත්වයෙන්.

එම කේක් ගෙඩියේ ආකෘතිය තුළ පහේ ඉලක්කම සටහන් කර සුබපැතුම් පණිවුඩයක්ද සටහන් කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE