%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
Friday, 16 August 2019 - 8:13
ලසිත්ගේ සුපිරි පන්දුව බෝල්ට්ගේ මුහුණේ සිරවී ගාලු පිටිය මැද සිදුවූ දේ ගැන ලෝකයේම අවධානය
5

Shares
620

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

තරඟයේ සිය පළමු ඉනිම සඳහා ලකුණු රැස්කරමින් සිටි නවසීලන්ත ක්‍රීඩක බෝල්ට් ට සිදුවූ අකරතැබ්බයක් ගැනයි මේ අයුරින් බොහෝදෙනා කතාවෙන්නේ.

එහිදී සිදුවන්නේ තරඟයේ 82 වන පන්දුවාරයේ ලසිත් ඇඹුල්දෙනිය යොමුකළ පන්දුවක් බෝල්ට් ගේ හිස් ආවරණයේ සිරවීමයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු අසලට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රියාකළ ආකාරය ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් ඔහුගේ හිස් ආවරණයේ සිරවූ පන්දුව ඉවත්කිරීමට ඔහුට සහය වූ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

rn
rn



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE