%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 9:56
හිටපු ආරම්භක පිතිකරු දිවියෙන් සමුගෙන යයි
60

Shares
7,253

Views
හිටපු ආරම්භක පිතිකරු දිවියෙන් සමුගෙන යයි"

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු වී බී චන්ද්‍රසේකර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය උපන්දිනයට දින 6 ක් ඉතිරිව තිබියදී චන්ද්‍රසේකර් මියගිය පුවත සැලවීමත් සමඟ තමිල්නාඩුවේ ක්‍රිකට් ලෝලීන් මහත් කම්පාවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු පළමුපෙළ තරඟ තුළ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දීය එක්දින ජාතික කණ්ඩායමට එක්වීමට වරම් හිමිකරගත්තා.

එහිදී ඔහු තරඟ 7 ක් ක්‍රීඩා කළ චන්ද්‍රසේකර් වඩා වැඩි දස්කම් දැක්වූයේ ඉන්දියාවේ පළමුපෙළ ක්‍රිකට් තරඟ තුලයි.

විශේෂයෙන් පළමුපෙළ තරඟාවලි තුළ ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලුණු චන්ද්‍රසේකර් තමිල්නාඩු කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලාන තරඟාවලියේදී උත්තර ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 160ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී ඉනිමක් වූවා.

මේ අතර ඔහු IPL තරඟාවලියේ ප්‍රබල කණ්ඩායමක් වූ චෙන්නායි සුපර් කිංග්ස් හි කළමණාකරු ලෙසින් ක්‍රියාකලා.

එසේම පසුගිය කාලසීමාව තුල චන්ද්‍රසේකර් රුපවාහිනි ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසින්ද කටයුතු කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE