%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+267%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 11:10
ශ්‍රී ලංකා පළමු ඉනිම 267කට සීමා වෙයි
7

Shares
901

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ සිය ප්‍රථම ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම් සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 267ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා ලකුණු 18 ක් ඉදිරියෙන් සිටියදී මීට සුළු මොහොතකට පෙර ඉනිම අවසන් වූවා.

එහිදී අගනා පිතිහරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 61 ක් රැස්කළා.

හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 53 ක්.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස්කරගත් අතර ඔහු ඉනිමට ද හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුලත්.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් පටෙල් කඩුලු 5 ක් දවාගත්තා.

විලියම් සමර්විල් කඩුලු 3 ක් දවාගත් අතර බෝල්ට් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූවා.

පිතිකරුවෙකුගේ භූමිකාවට මැනවින් දායකත්වය ලබාදුන් සුරංග ලක්මාල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 40 ක් රැස්කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE