%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8
Saturday, 17 August 2019 - 7:57
රවී ශාස්ත්‍රිට යළිත් ඉන්දීය කණ්ඩායම
1

Shares
176

Views
රවී ශාස්ත්‍රි ඉන්දීය ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළි පත් කර තිබෙනවා.

ඒ, තවත් වසර දෙකක කාලයක් සඳහායි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් උපදේශක මණ්ඩලය මගින් ඔහු එම තනතුර සඳහා තෝරාගෙන තිබෙනවා.

කපිල් දේව්, අනුෂ්මාන් ගයික්වාඞ් සහ ශාන්තා රංගසාමිගෙන් සැදුම්ලත් එම කමිටුව මුම්බායි හිදී රැස්වී එම තීරණයට එළඹුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මයික් හෙසන්, රොබින් සිං, ටොම් මූඩි, ලාල්චාන්ඩ් රාජ්පුත් ද ඉල්ලූම් කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE